Monday 19 May 2014

what happening to sri lanka now. No one can say. nothing happening to great change. sri Lanka is going to back speedy'

Wednesday 20 November 2013

.Lalitha Jayawardana
දහසක් ලඳුනතර සිටිනා අහස් .....................ගැබ
ඔපා දූප හැරුනම ගත කරනු .....................පොබ
මිස අන්දෙයක් ගැන නම් නොසිතනා ........ලොබ
රට ගැන හිතන මැණිකකි මැතිණියනි ...........ඔබ

තම අමනාප කම් 
කල කළ කවට කලවම්
කවි අවි වී රිදුම් 
දේද කුමට ද එවන් කවිකම්

අහිංසකව සැහැසි කලා අමන .....................ගුරුන්
දහසත් දනා මැරුවද ඒ අඟුල් ....................මරුන්
ෙකාෙතකුත් ඉන්න අැති ඒතනත් අම්ම .....වරුන්
කිම ඒක් මවක ෙවත සම්බුදු කදුලු ...........පෙරුන්



Thursday 16 May 2013






හිඳ ළඟින් ගැයූ පද පේලි දෙසවන .......පුරා
විඳ හදින් පිහින යමි අතීතයෙ පිළි ........ඉරා
ලද දෙයින් නොසෑහෙනු හඹා යනු ඉම ..කරා
සඳ අසල මිස නොනැවතියන් තරු ....පිරිවරා

15.05.2013
විදුලි බිල තවත් වැඩි කරනු ........!

බත් ගෙඩි සමඟ........ මධුවිත
මග වියදමද අඩු ...........නැත
එහෙනම් ඉතිං................මිත
රටම කෑවත් අපට කම්.. නැත
Like ·  ·  ·  · 



අම්මාගේ කොටස දස මස කින් නිම....වේ
අප්පා එතැන් සිට කරලිය මත රජ........වේ
සප්පා යමට සැමදෙන ඔහු අත මක .....වේ
හප්පා පස්ස බිම කව්රුත් පසෙකට ......වේ

Like ·  ·  ·  · Monday at 11:45pm


ගහන්න ගහන්න වඳිනවනම් ඌ මිනිසෙක් නොව අමු ........කැනහිලෙකි
වඳින්න වඳින්න ගහනවනම් එය බලන් ඉන්නෙකා ..............තිරිසනෙකි
වැරැද්ද දැක දැක පාඩුවෙ ඉන්නා වරදට අනුබල දෙන ..............එකෙකි
වරදට එරෙහිව නැගී සිටින්නා මළත් එයින් මහා.................... වීරයෙකී
Like ·  ·  ·  · May 12 at 7:34pm


කවි කිවිඳියන් ලක සිව් දිග කවට ........ලැදී
සවිමත් කරන්නට සලජාකසයෙ.......... රැඳී
ඇවිදින් සරසවිගෙ පියයුරු පහස .........විඳී
දෙවියන් වනන්නට මට බසෙ වදන් ......මදී

මැදිරිගිරියෙ සිට බත සැපයුව ............අපට
හිමි ජිනධම්ම නා සමිඳුන් පෙරටු........කොට
කඩවත බිම්භරාමයෙ බෝ සෙවන ........යට
මොන සතුටක්ද කිවි පෙළහර පාන ....කොට

මුලු රට දන්න නවරත්නයො ..........වදාකඩ
කුලු ගැන්විය සභය මහවට නොදා ........හඬ
පුලු වන් බැරි කව්රු කව්රුත් කලා .......හැඩ
ඔලුවෙන් හිටන් කිසිවෙක් නැත නෑවෙ ...මඩ

මහකවි සේනයන් මුසු කල මුයුරු .......සරෙන්
තෙදවත් බවක් ලෙලදුනි හැම දෙනම .කෙරෙන්
කවි කිවිඳියන් හට වැඩි සරසවිගෙ ......කිරෙන්
මම පෙම් කරමි සැමදා ඇඹණියට .....හොරෙන්
Like ·  ·  ·  · May 12 at 12:06am

දිය සිඳිලා වේලී ගිය මහ ..........................විලෙ
සුවඳක් දැණුනි මට මිළිණව ගිය ..................මලෙක
අඩුවක් නොවිනි එහි පෙතිවල ඇති ............මෙ‍ලෙක
පරසතුවක්ව යලි සුපිපෙන් හෙට................. මෙලක
Like ·  ·  ·  · May 4 at 12:20am

පැය අට දිනා දෙන්නට ලොව සැමට ......මතූ
සිය දිවි දෙවැනි කොට එක විලසටම ......සිතූ
මිය ගිය ඔගස්ටස් සොහොයුර නුඹ ......එපැතූ
දෙය එලෙසම කරමු! අප මෙදියතම .......රතූ
Like ·  ·  ·  · May 1 at 3:34am

මොකට ඉපදුනාදැයි මේ රටේ කු...............ණු
වෙද්ද යමෙක් ඒ විලසට නොම සිතු...........නු
මහ නඩ්ඩිව ගෙදරට පන්නා දැමු................නු
කුඩ්ඩන් මිනීමරු පුදසුන දත තැබු..............ණු

දින දින ඇසේ බණ පොතකත් නැති කරු.....ණූ
රට ඇදිලා යන්නෙ පාතාලෙට දරු............ණූ
ආශ්වයිරියේ හැටි දෙකකුල පෙරු..............ණූ
දැක දැක කට පියන් මහ දහවල් නිද...........නූ
Like ·  ·  ·  · April 30 at 3:15pm




පමා වෙලා අතුරට ගිය නිසා......... වද
මෙමා දුකට සින්නක්කර වුනේ ......අද
සමා වෙලා හිතවත මට කියන ......වද
අමාවකට අහසේ නැතිවාද........... සඳ
Like ·  ·  ·  · April 26 at 1:04am




බඩගිනි වෙලා මා ගිය කල පුතු ගෙ......ගෙට
සා ගින්නේ අඬන දරුවන් මා ..........වෙතට
දිව විත් මගෙන් ගෙන ආ දෑ අසන ........විට
පිච්චී පපුව පිට විනි උණු කඳුලු ...........කැට
Like ·  ·  ·  · April 23 at 12:14pm





බඩගිනි වෙලා මා ගිය කල පුතු ගෙ......ගෙට
සා ගින්නේ අඬන දරුවන් මා ..........වෙතට
දිව විත් මගෙන් ගෙන ආ දෑ අසන ........විට
පිච්චී පපුව පිට විනි උණු කඳුලු ...........කැට
Like ·  ·  ·  · April 23 at 12:14pm


අමු ලෙලි තලාලයි දෑතම රිදෙන්...................නේ
රෑ නිදි වරාලයි නෙතු පිය වැසෙන්................නේ
සා ගින්නේ ඉඳන් දරුවන් රකින්..................නේ
හිමි නැති පැළට කිම සඳ හිරු නැගෙන්.........නේ

බතට කන්න මට නැති එළවලු................. කන්ද
ඇඟට ගන්න බැරි නෙක රෙදි පිළි ............කන්ද
හිතට සහනෙ දුන්නැති වැඩ හිටි ...............කන්ද
මොකට කරගසන් යමි මේ දුක් .................කන්ද
Like ·  ·  ·  · April 22 at 8:13pm
  • Sunil Wedikkara බණ්ඩාර හේරත් ඇදුරු තුමනි ඔබ ඉතා නිවැරදියි ! මට කියන්නට අවශය මේ දුක්ඛිත ගමන අවසන් කලයුතු බවයි. එහෙත් ජීවිතයෙන් පලායාමට වන සූදානමක් ගම්‍ය වන වන දැන් මටද හැඟේ. එසේනම් බරපතල වරදක් සිදුව ඇත. එය පෙන්වා දීමෙන් ඔබ ඔබගේ වගකීම නිසි පරිදි ඉටු කර ඇත. එය නිවැරදි කරමි
  • Sunil Wedikkara .
    බතට කන්න මට නැති එළවලු................. කන්ද
    ඇඟට ගන්න බැරි නෙක රෙදි පිළි ............කන්ද
    හිතට සහනෙ දුන්නැති වැඩ හිටි ...............කන්ද
    මොකට ඉවසමුද තව මේ දුක් ..................කන්ද


අවරුදු සිරිය මැකෙමින් ඇත සතර .........අත
සව් සිරි සපිරි බක්මහ සිරි ඉතිං.............නැත
ගෙව් හැම වසරකට වැඩියෙන් අපරි.........මිත
කැව් මක බර පවා මේ වර අඩුව ............ඇත

අන තුරු නම් එමට ඇත මේ අවු..........රුද්දේ
සැනසුම සතුට කෝ පෙර මෙන් ගම... මැද්දේ
ගෙන ආ පැතුම ජනපති හද තුළ .........පැද්දේ
පින පළ දෙමින් රටටම විදුලිය........... වැද්දේ

සහයෝගයෙන් සරසවි වෙත බැඳුනු .......බැතිං
පහ කර දමා කුණු කන්දල් සැමගෙ .........හිතිං
කහවනු නොවේ මනුසත්කම සොයන ......ගතිං
මහ පොළවේ ඉඳන් අපි කවි ලියමු ..........ඉතිං
Like ·  ·  ·  · April 18 at 7:47pm



මංගලිකා කිවිඳියගෙ පැනයකට පිළිතුරු ලෙසිනි

පිරිසකර නොම ....................කල
පිටියෙක වැඩේ නෙක ............පැල
අවිධිමත් රටක් ......................තුල විධිමත් වේද දන ...................කැල

9:10pm
කිවියාද මිනිසෙ........................කි
හොඳ නොහොඳ ගුලිය..............කි
මමත්වය තුඹ..........................ක
නෙක ගොර සපුන් විමන...........කි

එකට වසනා........................... කල
දැකිය හැක විෂ........................ දල
ලෙස එහි නියත....................... ඵල
වසනු නොම හැකි වේය එක...... විල

වෙන් වි ගියද................... වෙනතක
හැඩයක් වේද ....................වෙනසක
යලිත් යම් ............................දිනයක
බෙදෙයි ඔවුනුත් වෙලා ...........විරසක

බුකියේ කිවිඳු.............................රැස
කාඩ් කුට්ටමක්.........................ලෙස
ඇනී ඇනී යන..........................දෙ
බලා ඉන්නෙමි යොමා දුක් ..........ඇස

නොනිමි කවි .......................පවසෙක
සිටිමින් එකම ......................පිරිසෙක
කුමට පිටු .........................ගණනෙක
එකම පිටුවෙක රැඳෙමු ...........දව‍සෙක

මංගලිකා කිවිඳියට- ...................සුනිල් වෙඩික්කාර 14.04.2013
Like ·  ·  ·  · April 14 at 9:19pm

හීන හීනම හැටියට
තියේ නම් මතක පෙට්ටගමේ
මොටද දකින්නේ හීන
නන්නත්තාර මාවතේ

හිත කීරි ගස්සන
ආදර හැඟුම් වස්සන
යල් පිනූ යෞවනේ
සින්නක්කර වු‍ ආදර හාමතේ

කාසියේ වාසියට
ජීවිතේ දිනුම යන
මකුලුදැල් ඉරණමට
කරන්නට තරවටුව
ගෙවන්නෙමි මා
ගෙදරටම නාකි වෙන ජීවිතේ...
Like ·  ·  ·  15.05.2013
දිව ඇති නිසා පැතුමට නිති වෙලා............හුරූ
ලව දෙව නැතිව පතතිය අරුතකින් ..........දිරූ
මව සහ පියා සලකනු මේ කපේ ..........බොරූ
නව හිරු රැසින් මේ බිම නැහැවෙනා .......තුරූ
Like ·  ·  ·  · April 14 at 12:24pm
පතනා ලෙසට උතුරයි නම් කිරි..............පැහිලා
පිදුරුතලාගල කන්දත් දැන් ...................වැහිලා
හිටියා ඇති බොලව් පෑගීගෙන ..............නැහිලා
පව් නිම කරගන්න එව් හැම පෙල .........ගැහිලා
Like ·  ·  ·  · April 14 at 11:34am
පරණ මිනිස්සුම අලුත් ඇදුමකින් සැරසෙන ,
පැරණි සමාජයම නැවතත් තිරිහන් වෙන ,
සියලු දුක් කරපින්නාගත් අනාගතයකට සුහපතනු වෙනුවට ,
අලුත් සමාජයක් වෙනුවෙන් සිතන අලුත් මිනිස්සු වෙමු ,

පරණ මිනිස්සුම අලුත් ඇදුමකින් සැරසෙන ,
පැරණි සමාජයම නැවතත් තිරිහන් වෙන ,
සියලු දුක් කරපින්නාගත් අනාගතයකට සුහපතනු වෙනුවට ,
අලුත් සමාජයක් වෙනුවෙන් සිතන අලුත් මිනිස්සු වෙමු ,




























හැදෙනා කෙනෙකු හට ගල් මුල් ......ඉඳුනිල්ය

රිදෙනා තැනට නැත්නම් එන්නෙම........ගල්ය
මිදෙනා ලුණු දියේ දියටම මන..........ලොල්ය
සුදනා කා වෙතත් එකලෙස නිකැ........ළැල්ය



ඔක්කොම හොඳයි මුක්කම කැත..... මුහුණක්ය
වත්කම මිනිස්කම නම් මිණි .......... පහණක්ය
තිත්තම දේ ඇත්ත සුව දෙන ...........යහනක්ය
ඇත්තම දිනන බව ලොව තිර ...........දහමක්ය
Like ·  ·  ·  · April 12 at 9:42pm

ඈත හිත ලඟ ගීතයක් වී සදාතනිකව ........රැඳේ වා
සීත මීදුම් සේලයක් සේ ඇගේ වත මත... ...එතේවා
පීත සොමි කැන් ජීවිතයවී හිතේ තනිකම ...මැකේවා
මෑත බවයක මගේ උයනේ සල්මලක් වී ......පිපේවා


නොසිතුව නිමේසෙක මම ගෙට පැමි.......ණිල්ල

සිදුවන විටෙක මගෙ පන වැනි සුදු.........කෙල්ල
විඳමින් සිටිය හොත් ලොව අම සැන........සිල්ල
නොගනිමි කිසි විටෙක මමනම් දොර..... පොල්ල



කඳුල නැති නම් දෙනුවනුවනින් ඇති ඵලය කිම ළඳකට ........මුදූ

උදුල පරයා නැගෙන දුක් ගිනි නිවාලන්නකු වෙද .................හුදූ
වදුල තනි නොතනියට නැළැවෙන සමන් මලකට කිරි........... සුදු 
මිදුල මැද නැත රකින්නට ඉඩ පිදූ පෙම ඒ බඹ.....................රිඳූ




රතු පාටට එරබදු මල් තව ගුවනේ ...................දිලෙනවාද

ගතු කියනා කොවුල් වලප හතර අතින් ............ඇසෙනවාද
ගෙතු මල්දම ලක් මෑණිගෙ ගෙල වටකර ...නැහැ නොවේද
මතු දවසක සුපිපෙනු ඇත රත් කුසුමක් වෙලා...........යෝධ



සිහින් සරින් හමයි සුළඟ සුසුම් වලින් බර ................නිසා

රැසින් දිලේ රිදී කඳුලු පුන් සඳ මඬලම.....................වසා
ඉතින් රැවටිලා කලුවට අඳුර නොවේ දුක................මෙසා
පහන් නොවන රැයකිය මෙය නොකියමි ඒගැන...... දොසා


ජීවය සපිරි එක් පවුලකි ලොව..... ඇත්තේ 
සූරිය දෙවියො පමණයි පිය කම.. ගත්තේ
කාරිය මව්ගෙ දේ ගහ වැල හැම.. පැත්තේ
ආරිය දරුවො වේ හැම සත ලෝ ...මත්තේ


අබුද්දස්ස කාෙලට ලබු අැඹුල්......... ෙවත
අග විනිසුරු ලබ්බට රජු තිබ්බ ................අත
මහ ෙල්කම් පුහුලට අද තබා ..............අැත
අාස්චයිරියට ෙෙමත්‍රීය වහලු ..............පුත



ලෝ දම සැමට එක සම ලෙස බෙදන..........ලද
ජීවය විඳින ගහ වැල සහ සතුන්..................වද


මල් විය සිහින තරු මල් විය හිස් .........අහසේ
වල් ලබයා ගිය කල මා දා ..................රහසේ
සිල් බිඳ උපන් කඩදහි කොළ වල ........දහසේ
දැල් විය පුතු දිවිය සෙනෙහස නැති ......පහසේ
Like · ·
මානව බලය පා යට කොට ගත්ත...............වද
ඒ සැම ටත් වැඩිය අප දුප්පත්ය..................අද

වෙන්ඩ ඇති දේ වලක්කන්නට වයිමටත් හැක ..........වලිප්පූ?
ගන්ඩ කාටත් සුභ අනාවක් සමඟ දෙන මේ .............. පරිප්පූ
එන්ඩ කව්රුත් බලා ගන්නට ආශ්චර්යය ...................ඉලිප්පූ
වෙන්ඩ විදුහල්පතින්ටත් විය පෙරන්නට දැන්............කසිප්පූ